Neutral
:
+0 / -0
0 rank
සෙලින්කෝ සමූහයේ මූල්*යායතන 4කට මහ බැංකුවෙŞ
සෙලින්කෝ සමූහයේ මූල්*යායතන 4කට මහ බැංකුවෙන් ඒජන්තවරු
මාර්තු 17 - සෙලින්කෝ සමූහයට අයත් මහ බැංකුවේ ලියාපදිංචිය සහිත තවත් මූල්*ය හා කල්බදු සමාගම් 4ක් සඳහා නව කළමනාකරණ ඒජන්තවරුන් පත් කළ බව ශ්*රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. අදාළ මූල්*ය හා කල්බදු සමාගම් 4 වන්නේ, සෙලින්කෝ ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් රියල්ටි ලිමිටඩ්, ඒෂියන් ෆිනෑන්ස්, ද ෆිනෑන්ස් සහ සෙලාන් මර්චන්ට් ලීසිං යන සමාගම්ය.
ඊයේ කොළඹදී පැවති ප්*රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකුවේ නියෝජ්*ය අධිපති ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ, සෙලින්කෝ ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් රියල්ටි ලිමිටඩ් සහ ඒෂියන් ෆිනෑන්ස් යන සමාගම් දෙක සඳහා එක් කළමනාකරණ ඒජන්තවරයෙකු පත් කළ බවය.
මීට අමතරව, සෙලාන් මර්චන්ට් ලීසිං සමාගමේ කළමනාකරණය සඳහා පීපල්ස් ලීසිං සමාගම පත් කරනු ලැබ තිබේ.
දැනට නිසි පරිදි වාරික ගෙවීම අතපසු කිරීම හේතුවෙන් කල්බදු සමාගම් විසින් අත්පත් කර ගනු ලැබ ඇති වාහන වැනි චංචල දේපළ නැවත අදාළ පාර්ශවයන්ට අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව ද මහ බැංකුව සඳහන් කළේය.
ද ෆිනෑන්ස් සමාගමේ කළමනාකරණ ඒජන්තවරයා වශයෙන් ගයි ද සිල්වා මහතා පත් කර ඇත
|